Wednesday, July 5, 2023

THE NEWSPAPER

The Newspaper


The newspaper චිත්‍රපටය යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ගැන කතාකරන අපූර්ව වූ නිර්මාණයකි. 2020 වර්ෂයේ තිරගත වූ මෙම නිර්මාණය ගැන වැඩි කතාබහකට ලක්වනුයේ රුසියාවේ පැවති සම්මාන උලෙළකදී සම්මානයට පාත්‍ර වීමද හේතු කොටගෙනය.

ශ්‍රී ලාංකීය චිත්‍රපට කලාව තුළ අපූර්ව වූ ගමන් මගක් සනිටුහන් කළ කුමාර තිරිමාදුර මහතාගේත්, සරත් කොතළාවල මහතාගේත් විශිෂ්ට නිර්මාණයක් වූ  The newspaper චිත්‍රපටය තුළින්  ලාංකීය සමාජයේ තිත්ත ඇත්ත පැති ගැන කතාකරන්නට මොවුන් සමත්ව ඇත.

උතුරු නැගෙනහිර යුද්ධය මුල්කොටගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය තුළින් එවකට මාධ්‍යයේ කතාබහට ලක්වූ සිංහල කොටි යන නාමය ප්‍රධාන කොටගෙන මෙය නිර්මාණය වී ඇත.

ලුයියා සහ ගුණයා යන පොළොන්නරු දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන ගල්ලෑල්ල ගමෙහි ජීවත්වන පුද්ගලයන් දෙදෙනෙකු අලලා ගෙතෙන මෙම කතාව තුළින් ගුණයා නම් පුද්ගලයාගේ සොහොයුරා වූ ශාන්තට වූ අසාධාරණය ගැන පෙන්වමින් මෙහි සිනමාකරුවන් උත්සාහ ගන්නේ සමාජය පුද්ගලයෙක් වැරදිකරුවෙක් කරන්න හරි ඉක්මනින් උත්සාහ කළත් යම් පුද්ගලයෙක් නිවැරදිකරුවෙක් වන බව පිළිගැනීමට අකමැති බව පිළිඹිබු කරන්නට ගත් වෑයමක් ලෙසද මෙම අපූර්ව වූ සිනමාකෘතිය පෙන්වාදිය හැකිය. 

මේ අනුව සමාජයේ මිනිසුන් අනෙකාගේ ගොදුරු බවට පත්වන ආකාරය අනුකම්පා සහගතවත්, යම් වෙලාවක උපහාසාත්මකවත් දක්වන්නට කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස The newspaper සිනමාකෘතිය හඳුන්වාදිය හැකිය.




Monday, June 12, 2023

ඝරසප චිත්‍රපටය

ඝරසප චිත්‍රපටය 



" ඝරසප කීවට මගේ නම කළු කුමාර. කුමාරයෙක් වුණත් මම යකෙක්.අනික් අතට යකෙක් වුණත් මම කුමාරයෙක්. කඩ වැහුවට වැඩක් නෑ මම රින්ගන්නේ රස නහර වලට."

කාන්තා සිත් සොරා ගත් කළු කුමාරයා ගැන නිර්මාණය වුණු අපූරු නිර්මාණයක් ලෙස ඝරසප චිත්‍රපටය චිත්‍රපටය පෙන්වාදිය හැකිය. නිවසට ආපු සර්පයකු ලෙස හදුන්වන මෙම  සර්පයා අපගේ සාම්ප්‍රදායික ජන විශ්වාස තුළ හමුවන කළු කුමාරයා වේ. කළු කුමාරයා සම්බන්ධව ජනශ්‍රැතිය සම්බන්ධයෙන් වෙලී පවතින කතා පුවත් ගණනාවක් පවතින අතර ඒ කළු කුමාරයා පිළිබඳව නිර්මාණය වූ අපූරු සිනමා නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 

ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම සංකල්පය හරි අපූරුවට ගෙත්තම් කරන්නේ දමිළ තරුණියක් වටාය. ඇය නමින් විද්‍යා නම් විය.  එමෙන්ම තවත් එවැනිම ප්‍රේම වන්තයෙක් හමුවන අතර ඔහු සඳරැස් නම් විය. ඔහුගේ ප්‍රේමයට කළු කුමාරයා අභිබවා නැගී සිටින්නට හැකිවන අතර අවසානයේ කළු කුමාරයා පරාජය බාරගෙන සඳරැස්ගේ ප්‍රේමයට හිස නමා යන්නට යන හරි අපූරු සිදුවීම් දාමයක එකතුවක් දැකබලා ගන්නට ඝරසප චිත්‍රපටය හරහා හැකිවනු ඇත.  

ඒ අනුව මෙම චිත්‍රපටය හරහා මතුවන කාරණා ගණනාවක් පවතින අතර  පවතින අතර අව්‍යාජ ප්‍රේමයට කොයිතරම් ශක්තියක් පවතින්නේද යන කාරණාව ඉස්මතු වේ. අවංක පිරිමි පෞරුෂයක් ඇති ප්‍රේමයක් ඉදිරියේ කාන්තාවක් කොයිතරම් දුරට සුවපත් වනවාද යන කාරණාව ගෙනහැර දක්වන අපූරුවට ගලායන කතාවක් ජයන්ත චන්ද්‍රසිරි මහතා නිර්මාණය කර ඇත. ඒ අනුව ඔහු විද්‍යාව සමඟ අපේ පවතින  මිත්‍යාව ගලපන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ අපුරු සිනමා නිර්මාණයක ලෙස ඝරසප චිත්‍රපටය පෙන්වාදිය හැකිය.

Tuesday, May 30, 2023

සිනමාව යනු


අක්ෂරය සිනමාපටය 




අද මම මගේ බ්ලොග් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිනමාව කියන්නේ මොකද්ද කියලා.චිත්‍රපටය එහෙමත් නැතිනම් සිනමාව කියලා කියන්නේ ප්‍රබල කලා මාධ්‍යක් වගේම කර්මාන්තයක්. සමාජයේ විවිධ පැතිකඩයන් කියාපාන කැඩපතක් විදියටත් සිනමාව හදුන්වන්න පුළුවන්.  මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති ප්‍රකට නිර්වචනයක් තුළින්ද සිනමාව යනු කුමක්ද යන්න ගැඹුරු අවබෝධයක් ලබාගන්න පුළුවන්. 

 "තිරයේ අප දකින දෙය යථාර්ථය ලෙස පෙනුනද සැබෑ ලෙසම එය කාලය හා අවකාශය  ඔස්සේ ගොඩනැගෙන දෘෂ්ටි මායාවකි."   (සංස්:ධරධර්මදාස,2006)

මේ අනුව පැහැදිලි වනුයේ සිනමාව යනු සංස්කෘතියක් මඟින් නිර්මාණය කෙරුණු සංස්කෘතිමය මානව කෘතීන් ලෙස සැලකිය හැකි පෙරලා ඒවා මඟින්ම සංස්කෘතිය වෙත බලපෑම් ඇති කළ හැකි මාධ්‍යක් වන බවය. 

ඉතින් මම අද මගේ බ්ලොග් එකෙන්  පුංචි පැහැදිලි කිරීමක් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ සිනමාව ගැන. ලංකාව ඇතුළු ලෝකයේ විවිධ සිනමාකෘතීන් පිළිබඳව රසවත් විචාරයන් ගෙන ඒමේ අරමුණින් තමයි මම මේ බ්ලොග් එක නිර්මාණය කළේ. 

ඒ  අනුව අද මම ශ්‍රී ලංකාවේ සිනමාව තුළ වාරණයට ලක් වූ සිනමාකෘතියක් වන  අශෝක හඳගමගේ මහතාගේ "අක්ෂරය" සිනමා පටයට අදාළව ස්ත්‍රී පුරුෂ සමාජභාවී නිරූපණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇත.

මහේස්ත්‍රාත්වරියක ඇයගේ රාජකාරියත් දරු ස්නේහයත් අතර දැඩි මානසික පීඩනයකට පත්ව නීතියත් මව් ස්නේහයත් අතර දෝලනය වීම මූලික කරගෙන ගොඩනැගීම මෙහි මූලික තේමාව වේ. වැඩිහිටියන්ට පමණයි වර්ගීකරණය යටතේ සහතිකය ලබා තිබුණු මෙම අක්ෂරය සිනමා පටය පිළිබඳව මුලදීම අදහස් මතු කරන්නේ චිත්‍රපටය නොබැලූ පිරිසක් විසිනි.අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් කතා තේමාව හා ඇතැම් දර්ශන මඟින් ළමයින් අපචාර වලට හා වයාභීචාර වැනි බරපතල ලිංගික අපචාර වලට පෙළඹවීමේ ප්‍රයත්නයක් බව දක්වමින් ඔවුන් තම විරෝධය මතු කළහ.

ඒ අනුව මෙම චිත්‍රපටය පෙන්වීම නතර කළ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මව හා පුතා අතර සම්බන්ධය අස්වාභාවික ස්වරූපයක් ගන්නා බවත්, චිත්‍රපටය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කුණුහරප ඇතුළත් වී තිබීමත්,පිරිමි දරුවා හා මව අතර ඇති සබඳතාවය පහත් රාගික හැගීම් සංසිදුවා ගන්නා දර්ශන ආදිය ඇතුළත් වන්නේ යැයි පවසා මෙම සිනමාපටය වාරණය කරන ලදී. 

නමුත් මෙම සිනමා පටය පිළිබඳව කතා කිරීමේ දී ලාංකික සමාජ වයුහය තුළ පවත්නා අධ්‍යාපනය, ලිංගිකත්වය, අධිකරණය, මධ්‍යම පාන්තික ආකල්ප  ආදිය පිළිබඳව කතා කරනු ලබයි. මධ්‍යම පාන්තික පවුල වටා මෙහි ආඛයා නය ගොඩනැගී ඇති අතර නිරුවත, මත් වීදුරු ආදියෙන් එය නිරූපිතය. කනයාභාවය හා ලිංගිකත්වය ගැන මහේස්ත්‍රාත්වරිය කතා කරන අතර රැකියාව, අධ්‍යාපනය,ආදිය තුළින් අනෙක් කාන්තාවන්ට වඩා නිදහසක් බුක්ති විදින බවද ඒත්තු ගන්වන්නට සිනමාකරුවා සමත්ව ඇත. 

නමුත් සියළු කාන්තාවන්ට මෙන්ම ඇයටද ලිංගිකත්වය තුළ පීඩා විදින්නට සිදුවන බව මුරකරු අතින් ඇය දූෂණය කිරීම ආදිය තුළ තව දුරටත් කාන්තාව පීඩිත ලිංගික උපකරණයක් ලෙස සමාජයේ නිරූපිත බවද මෙහිදී නිරූපණය වේ.

THE NEWSPAPER

The Newspaper The newspaper චිත්‍රපටය යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ගැන කතාකරන අපූර්ව වූ නිර්මාණයකි. 2020 වර්ෂයේ තිරගත වූ මෙම නිර්මාණය ගැන වැ...