Monday, June 12, 2023

ඝරසප චිත්‍රපටය

ඝරසප චිත්‍රපටය 



" ඝරසප කීවට මගේ නම කළු කුමාර. කුමාරයෙක් වුණත් මම යකෙක්.අනික් අතට යකෙක් වුණත් මම කුමාරයෙක්. කඩ වැහුවට වැඩක් නෑ මම රින්ගන්නේ රස නහර වලට."

කාන්තා සිත් සොරා ගත් කළු කුමාරයා ගැන නිර්මාණය වුණු අපූරු නිර්මාණයක් ලෙස ඝරසප චිත්‍රපටය චිත්‍රපටය පෙන්වාදිය හැකිය. නිවසට ආපු සර්පයකු ලෙස හදුන්වන මෙම  සර්පයා අපගේ සාම්ප්‍රදායික ජන විශ්වාස තුළ හමුවන කළු කුමාරයා වේ. කළු කුමාරයා සම්බන්ධව ජනශ්‍රැතිය සම්බන්ධයෙන් වෙලී පවතින කතා පුවත් ගණනාවක් පවතින අතර ඒ කළු කුමාරයා පිළිබඳව නිර්මාණය වූ අපූරු සිනමා නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 

ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම සංකල්පය හරි අපූරුවට ගෙත්තම් කරන්නේ දමිළ තරුණියක් වටාය. ඇය නමින් විද්‍යා නම් විය.  එමෙන්ම තවත් එවැනිම ප්‍රේම වන්තයෙක් හමුවන අතර ඔහු සඳරැස් නම් විය. ඔහුගේ ප්‍රේමයට කළු කුමාරයා අභිබවා නැගී සිටින්නට හැකිවන අතර අවසානයේ කළු කුමාරයා පරාජය බාරගෙන සඳරැස්ගේ ප්‍රේමයට හිස නමා යන්නට යන හරි අපූරු සිදුවීම් දාමයක එකතුවක් දැකබලා ගන්නට ඝරසප චිත්‍රපටය හරහා හැකිවනු ඇත.  

ඒ අනුව මෙම චිත්‍රපටය හරහා මතුවන කාරණා ගණනාවක් පවතින අතර  පවතින අතර අව්‍යාජ ප්‍රේමයට කොයිතරම් ශක්තියක් පවතින්නේද යන කාරණාව ඉස්මතු වේ. අවංක පිරිමි පෞරුෂයක් ඇති ප්‍රේමයක් ඉදිරියේ කාන්තාවක් කොයිතරම් දුරට සුවපත් වනවාද යන කාරණාව ගෙනහැර දක්වන අපූරුවට ගලායන කතාවක් ජයන්ත චන්ද්‍රසිරි මහතා නිර්මාණය කර ඇත. ඒ අනුව ඔහු විද්‍යාව සමඟ අපේ පවතින  මිත්‍යාව ගලපන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ අපුරු සිනමා නිර්මාණයක ලෙස ඝරසප චිත්‍රපටය පෙන්වාදිය හැකිය.

THE NEWSPAPER

The Newspaper The newspaper චිත්‍රපටය යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ගැන කතාකරන අපූර්ව වූ නිර්මාණයකි. 2020 වර්ෂයේ තිරගත වූ මෙම නිර්මාණය ගැන වැ...