අක්ෂරය සිනමාපටය
අද මම මගේ බ්ලොග් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිනමාව කියන්නේ මොකද්ද කියලා.චිත්‍රපටය එහෙමත් නැතිනම් සිනමාව කියලා කියන්නේ ප්‍රබල කලා මාධ්‍යක් වගේම කර්මාන්තයක්. සමාජයේ විවිධ පැතිකඩයන් කියාපාන කැඩපතක් විදියටත් සිනමාව හදුන්වන්න පුළුවන්. මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති ප්‍රකට නිර්වචනයක් තුළින්ද සිනමාව යනු කුමක්ද යන්න ගැඹුරු අවබෝධයක් ලබාගන්න පුළුවන්.
"තිරයේ අප දකින දෙය යථාර්ථය ලෙස පෙනුනද සැබෑ ලෙසම එය කාලය හා අවකාශය ඔස්සේ ගොඩනැගෙන දෘෂ්ටි මායාවකි." (සංස්:ධරධර්මදාස,2006)
මේ අනුව පැහැදිලි වනුයේ සිනමාව යනු සංස්කෘතියක් මඟින් නිර්මාණය කෙරුණු සංස්කෘතිමය මානව කෘතීන් ලෙස සැලකිය හැකි පෙරලා ඒවා මඟින්ම සංස්කෘතිය වෙත බලපෑම් ඇති කළ හැකි මාධ්‍යක් වන බවය.
ඉතින් මම අද මගේ බ්ලොග් එකෙන් පුංචි පැහැදිලි කිරීමක් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ සිනමාව ගැන. ලංකාව ඇතුළු ලෝකයේ විවිධ සිනමාකෘතීන් පිළිබඳව රසවත් විචාරයන් ගෙන ඒමේ අරමුණින් තමයි මම මේ බ්ලොග් එක නිර්මාණය කළේ.
ඒ අනුව අද මම ශ්‍රී ලංකාවේ සිනමාව තුළ වාරණයට ලක් වූ සිනමාකෘතියක් වන අශෝක හඳගමගේ මහතාගේ "අක්ෂරය" සිනමා පටයට අදාළව ස්ත්‍රී පුරුෂ සමාජභාවී නිරූපණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇත.
මහේස්ත්‍රාත්වරියක ඇයගේ රාජකාරියත් දරු ස්නේහයත් අතර දැඩි මානසික පීඩනයකට පත්ව නීතියත් මව් ස්නේහයත් අතර දෝලනය වීම මූලික කරගෙන ගොඩනැගීම මෙහි මූලික තේමාව වේ. වැඩිහිටියන්ට පමණයි වර්ගීකරණය යටතේ සහතිකය ලබා තිබුණු මෙම අක්ෂරය සිනමා පටය පිළිබඳව මුලදීම අදහස් මතු කරන්නේ චිත්‍රපටය නොබැලූ පිරිසක් විසිනි.අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් කතා තේමාව හා ඇතැම් දර්ශන මඟින් ළමයින් අපචාර වලට හා වයාභීචාර වැනි බරපතල ලිංගික අපචාර වලට පෙළඹවීමේ ප්‍රයත්නයක් බව දක්වමින් ඔවුන් තම විරෝධය මතු කළහ.
ඒ අනුව මෙම චිත්‍රපටය පෙන්වීම නතර කළ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මව හා පුතා අතර සම්බන්ධය අස්වාභාවික ස්වරූපයක් ගන්නා බවත්, චිත්‍රපටය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කුණුහරප ඇතුළත් වී තිබීමත්,පිරිමි දරුවා හා මව අතර ඇති සබඳතාවය පහත් රාගික හැගීම් සංසිදුවා ගන්නා දර්ශන ආදිය ඇතුළත් වන්නේ යැයි පවසා මෙම සිනමාපටය වාරණය කරන ලදී.
නමුත් මෙම සිනමා පටය පිළිබඳව කතා කිරීමේ දී ලාංකික සමාජ වයුහය තුළ පවත්නා අධ්‍යාපනය, ලිංගිකත්වය, අධිකරණය, මධ්‍යම පාන්තික ආකල්ප ආදිය පිළිබඳව කතා කරනු ලබයි. මධ්‍යම පාන්තික පවුල වටා මෙහි ආඛයා නය ගොඩනැගී ඇති අතර නිරුවත, මත් වීදුරු ආදියෙන් එය නිරූපිතය. කනයාභාවය හා ලිංගිකත්වය ගැන මහේස්ත්‍රාත්වරිය කතා කරන අතර රැකියාව, අධ්‍යාපනය,ආදිය තුළින් අනෙක් කාන්තාවන්ට වඩා නිදහසක් බුක්ති විදින බවද ඒත්තු ගන්වන්නට සිනමාකරුවා සමත්ව ඇත.
නමුත් සියළු කාන්තාවන්ට මෙන්ම ඇයටද ලිංගිකත්වය තුළ පීඩා විදින්නට සිදුවන බව මුරකරු අතින් ඇය දූෂණය කිරීම ආදිය තුළ තව දුරටත් කාන්තාව පීඩිත ලිංගික උපකරණයක් ලෙස සමාජයේ නිරූපිත බවද මෙහිදී නිරූපණය වේ.
Wow
ReplyDeleteGreat
ReplyDeleteSupeb post
ReplyDeleteSuper
ReplyDelete💝👍
ReplyDelete💝
ReplyDelete❤️❤️
ReplyDelete❤️😘❤️😘❤️
ReplyDelete❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️
ReplyDeleteඑල
ReplyDelete❤😍
ReplyDeleteජය❤️
ReplyDeleteGood ❤️❤️
ReplyDelete🌹good post
ReplyDeleteThis is really valuable. Beautifully explained.
ReplyDelete💖
ReplyDeleteGood post ❤️❤️
ReplyDelete❤❤❤
ReplyDeleteGreat ❤
ReplyDelete❤️
ReplyDeleteGood job♥️♥️♥️
ReplyDeleteFull film eka youtube wath ne neda
ReplyDeleteGreat
ReplyDeleteGood luck nngi ❤️ keep it up ❤️
ReplyDelete🌍💖
ReplyDeleteNice💯
ReplyDeleteWow ❤️💓
ReplyDeleteWow😍❤️
ReplyDelete❤️💯
ReplyDeleteWell done daughter
ReplyDelete👍👍
ReplyDeleteGreat
ReplyDeleteනියමයි
ReplyDelete🔱⚡⚡
ReplyDelete